නයිජීරියාවේ මංගල උත්සවයකට, අවමංගල උත්සවයකට සහ රෝහලකට මරාගෙන මැරෙන කාන්තා බෝම්බ ප්‍රහාරයක්.. එක් බෝම්බකාරියක් ආවේ ළමයෙකුත් පිටේ බැඳගෙන

ඊසානදිග නයිජීරියාවේ විවාහ මංගල්‍යයක්, අවමංගල්‍ය උත්සවයක් හා රෝහලක් ඉලක්ක කරමින් සෙනසුරාදා (29) මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාව මරාගෙන මැරෙන කාන්තාවන් විසින් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් 18 දෙනෙකු මිය ගිය අතර තවත් 42 දෙනෙකු තුවාල ලබා 19 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි සඳහන්.

මෙම කලාපය වසර 15 ක ඉස්ලාමීය කැරැල්ලක කේන්ද්‍රස්ථානය වී ඇති අතර එය මිනිසුන් දහස් ගණනක් මරා දමා තවත් මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර තිබෙනවා.

ග්වෝසා කලාපයේ ප්‍රචණ්ඩත්වය පතුරවන බොකෝ හරාම් කණ්ඩායම ප්‍රහාර මාලාවේ වගකීම වහාම භාර ගෙන නැති බව වාර්තාවල දැක්වෙනවා.

ප්‍රාන්ත පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් AFP වාර්තාවක් පැවසුවේ සෙනසුරාදා ග්වෝසා නගරයේ සිදුවූ පිපිරීම් තුනෙන් එකක් වන විවාහ මංගල්ලයේ පිපිරීම සිදු කර ඇත්‍තේ බිළිඳෙකු පිටෙහි බැඳගත් කාන්තාවක් විසින් බවයි.

විවාහ මංගල උත්සවයේ පිපිරීම සිදු වූයේ එරට වේලාවෙන් සවස 3:45 ට පමණය.

මරාගෙන මැරෙන බෝම්බකාරියන් එම නගරයේම රෝහලක් ද ඉලක්ක කර ගත් අතර මංගල උත්සවයේ දී පිපිරීමෙන් මියගිය අයගේ අවමංගල්‍ය උත්සවයට ද තවත් ප්‍රහාරයක් එල්ල කළ බව බලධාරීන් පවසනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...