පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ධම්මික.. අගමැති අපේක්‍ෂක නාමල්..

ශ‍‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබේ.

තම පාර්ශවය විසින් අවසන් මොහොතේ කරන සමික්ෂණයකින් පසු සියයට පනහක ඡන්ද ප‍‍්‍රතිශතයක් ලබාගත හැකි වේ යැයි තහවුරු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

ධම්මික පෙරේරා ජනාධිපතිවරයට තරග කරන්නේ නම් අගමැති අපේක්ෂකයා බවට නාමල් රාජපක්ෂ ප‍‍්‍රකාශ කරනු ඇත.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික‍්‍රමසිංහට සහය දක්වන්නේ තමන්ට අගමැතිකම දෙන්නේ නම් පමණක් බව ඔහු සඳහන් කර ඇත.

දේශපාලනයේ සියලූ පිල් මාරුවීම් සිදුවනතෙක් බලා සිට අවසාන මොහොතේ ජනාධිපති අපේක්ෂකත්වය ප‍‍්‍රකාශ කිරීම පොහොට්ටුවේ අපේක්ෂාව බවට පත්වී ඇත.

මෙම තීරණය නිසා පිල් මාරු කරන බොහෝ දෙනෙක් දේශපාලන අනාතයන් බවට නුදුරේදී පත්වීමට නියමිතය.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ, සාගල රත්නායක, පාලිත රන්ගේ බණ්ඩාර, වජිර අබේවර්ධන සහ රවී කරුණානායක වැනි නායකයන් පමණක් සිටින පක්ෂයක් හුදෙකලා වනු ඇති බවට තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේවන විටත් ධම්මික පෙරේරාගේ ජනාධිපතිවරණ ප‍‍්‍රචාරක කටයුතු නුගේගොඩ ප‍‍්‍රදේශයේ පිහිටි වොයිස් ආයතනයක් මගින් සිදු කරනු ලබයි.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!