තව දින 100යි.. ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගත්ත සියලුම දෙනාට මේ රට බේරා දෙනවා

“අපිට තිබුණේ විකල්ප දෙකයි. ඒ ෆ්ලයිට් එක තෝරගන්නව ද ෆයිට් එක තෝරාගන්නව ද කියන එක. හොර මංකොල්ලකාරයෝ ටිකකට මේ රට භාර දීලා ෆ්ලයිට් එක තෝරගන්නව ද? ෆයිට් එක තෝරගන්නවද? ඒ තීරණ දෙකෙන් අපි ෆයිට් කරනව කියලා හිතුව තරුණයෝ තමයි මේ ඉන්නෙ” යැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ ජාතික ජන බලවේගයේ කැකිරාව තරුණ රැළිය අමතමින් සඳහන් කළා.

තව දින 100 කින් මේ රට වෙනස් කිරීම නිසැකවම ආරම්භ කරන බවත් රට අත නොහැර ෆයිට් කිරීම තෝරාගත් සියලුම දෙනා වෙනුවෙන් රට බේරා දෙන බව ඔහු මෙහි දී අවධාරණය කර සිටියා.

“මේ රටේ කොල්ලො කෙල්ලො පාරට බැහැලා මේ රටේ බිහිවෙච්ච තුච්ඡම, තකතීරුම, ජනාධිපති කෙනෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂව ගහල පන්නපු අරගලයට ආව කොල්ලො කෙල්ලො තමයි මේ ඇවිත් තියෙන්නෙ.

අපි රනිල් වික්‍රමසිංහට කියනව හොඳට ඇස් ඇරලා බලන්න ඔයා හිතනව නම් ඒ අරගලේ පිහිටෙන් බලේට පත්වෙලා ගෝඨාභයගේ කොටේ අදින රනිල් වික්‍රමසිංහ ඔයාට දීලා තියෙන කාලෙ ඉවරයි. ගෙදර යන්න ලෑස්ති වෙන්න.

තව දින 100 කින් එන්නෙ මේ කොල්ලො කෙල්ලන්ගේ රට” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සම්පූර්ණ කතාව මෙතැනින්:

Latest News

More like this

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...