විපක්ෂයෙන් පාර්ලිමේන්තු වර්ජනයක්

ශ්‍රී ලංකා රජය එළැඹුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳව ජූලි 02 සහ 03 යන දිනවලදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය විපක්ෂය වර්ජනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

ජනතාවට සහන නොදෙන ගිවිසුමක් පිළිබඳ කතා කිරීම විහිළුවක් බැවින් එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර රැස්වීම වර්ජනය කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යෝජනා ඉදිරිපත්ව ඇතැයි එම ප්‍රකාශකයා පවසනවා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

අදාළ විවාදය ජූලි 09 වැනිදා සිදු කිරීමට නියමිත වුවද ස්ථාවර නියෝග අත්හිටුවමින් ජූලි 02 සහ 03 වැනි දිනට යොදා ගැනීමට එරෙහිව විරෝධය පළ කළ යුතු බව ද යෝජනා වී තිබෙනවා.

Latest News

More like this

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...

කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට...

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...