විෂ ද්‍රාවණයක් පානය කළ ධීවරයින් අතර තවත් අයෙක් මරුට

මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ ධීවරයින් හය දෙනා අතර විදෙස් නෞකාවක් මඟින් බේරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු අද (30) ජීවිත්ක්ෂයට පත් වුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා මාධ්‍ය වෙත පවසා ඇත්‍තේ අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Devon 5’ නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටි අතර මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් ඔවුන් සියලු දෙනා රෝගාතුර වී තිබුණා.

ඒ අතරින් 4 දෙනෙකු විෂ සහිත ද්‍රාවණය පානය කිරීම හේතුවෙන් ඊයේ (ජූනි 29) මිය ගොස් ඇති බව වාර්තා වුණා.

ඒ අනුව, මෙම ද්‍රාවණය පානය කිරීමෙන් මරණයට පත් වූ ධීවරයින් ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News

error: Content is protected !!