රජිත චාමිකරට හෙට මහරහම පොලිසීයට එන්නැයි නියෝගයක්

ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාගයට ගැනීම සඳහා රංගන ශිල්පී පිං පොං හෙවත් රජිත හිරාන් චාමිකර හෙට (ජුලි 01) මහරගම පොලිසියට කැඳවා තිබෙනවා.

අදාළ පැමිණිල්ල සිදු-කර ඇත්තේ, ප්‍රවීණ කලා-අධ්‍යක්ෂකවරයෙකු සහ පසුතල නිර්මාණ ශිල්පියෙකු වන ‘ඩොරික් සමරසුන්දර’ මහතා සහ ඔහුගේ භාර්යාව වන රංගන ශිල්පිණි ‘ කාංචි රාජපක්ෂ’ විසිනි.

රජිත හිරාන් චාමිකර විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ලිඛිත අපහාසයක් සිදු කළ බවට ඔවුන් මහරගම පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!