ලාල් කාන්ත යලි අරගලයක් කැදවයි.. මුළු රටේම ජනතාවට කොළඹට එන්න කියයි..

මැතිවරණය ලබාගැනීම සඳහා අරගලයක් කල යුතු තත්ත්වයක් උදාවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මැතිවරණය දිනාගැනීමට කල යුතුව ඇත්තේ මුළු රටේම ජනතාව එක් දිනෙක ගල්කැටයක් හෝ අතේ නැතිව අත් දෙක සාක්කුවේ දමාගෙන කොළඹට පැමිණීම පමණක් බවද හෙතෙම පැවසීය.

පවතින ක්‍රමයට ඡන්දය ලබා නොදෙන්නේ නම් වෙනත් ක්‍රමයකට ඡන්දය ලබා ගැනීමට වෙන බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අංගොඩ ප්‍රදේශයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

Latest News

error: Content is protected !!