පියුමි සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රබල බිරින්දෑවරු කවුද?

පියුමි හංසමාලි සිය ගිණුම් හරහා පුද්ගලයන් 50ක් සමඟ ගණුදෙනු කර ඇති බවත් ඒ අතර ප්‍රභල දේශපාලනඥයන්ගේ සහ රටේ ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දරන පුද්ගලයින්ගේ බිරින්දෑවරු සිටින බව සංජය මහවත්ත පෙන්වා දී තිබෙනවා.

එම ලැයිස්තුවේ රටේ ආරක්ෂක අංශවල ඉහළම තනතුරක් දරණ පුද්ගලයකුගේ බිරිඳ ඇතුළු බිරින්දැවරුන් හතරදෙනෙකු ඉතා සමීපව ආශ්‍රය කරන බවත් පියුමිගේ අසීමිත වත්කම් හා මෙම සම්බන්ධතා පිළිබඳ බරපතල සැකයක් මතුවන බවත් ඔහු පවසනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ පසුගිය දා BBC සිංහල පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

‘මේ වන විට නඩුවක් ක්‍රියාත්මක නිසා මට ඒ අයගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් මේ සල්ලි පිටිපස්සේ ආයුධ වෙළඳාම්, අල්ලස් සහ තවත් නීති විරෝධී ජාවාරම් රැසක් සැඟවිලා ඇති කියලා අපට සැකයක් තිබෙනවා.

මේ වන විට ඇය වෙත එල්ල වී ඇති මේ සියලු කරුණු පිළිබඳව පියුමි හංසමාලිගේ ප්‍රතිචාරය විමසීමට BBC සිංහල සේවය දැරූ උත්සහය සාර්ථක වී තිබුණේ නැහැ.

BBC සිංහල සේවය පවසන්නේ දුරකතනය හරහා සහ සමාජය මාධ්‍ය ගිණුම් හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ කර ගැනීමට නොහැකි වූ විට, ඇගේ ආලේපන විකිණීම සඳහා යොදා ඇති දුරකථන අංක ඔස්සේ ද ඇය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයන් ද ව්‍යර්ථ වූ බවයි.

මේ වන විට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන පියුමි හංසමාලි ප්‍රමුඛ පෙළේ බැංකු අටකින් පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් 19ක වාර්තා ලබා ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇති අතර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට ද නියමිතයි.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...