මම ටයිටැනික් නැව ගොඩට ගෙනාවා.. නැව හදන්න එකතුවෙන ඕනම කෙනෙක් එක්ක මං වැඩ කරන්න කැමතියි

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම කළ සියලු දෙනා සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව පවසා තිබෙනවා.

“ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපි කුමක් කරන්නේද යන්න අපි එකතු වී තීරණය කරමු. මම ඔබ සියලු දෙනා සමඟ වැඩ කිරීමට කැමතියි. අපි හැමෝම එකතුවෙලා වැඩ කරමු.‘‘ ඊයේ (ජුනි 30) සවස මාතර පැවති ජනහමුවේදී ඔහු රැස්ව සිටි දේශපාලනඥයන් අමතා සඳහන් කළා.

“මුහුද මැද අතරමං වූ ටයිටැනික් නෞකාවේ නියමුවා ලෙස කටයුතු කිරීමට මට සිදු වුණා. මම එය වරායකට ගෙන ඒමට සමත් වුණා. අපිට දැන් තියෙන්නේ නැව හදන්න. 2022 දී නැව අමාරුවේ වැටුණු විට පැන ගිය අයට එය භාර දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි.”

“ජාතියේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපට සහාය දෙන ලෙස මම විරුද්ධ පක්ෂවලටත් කියන්න කැමතියි. මම දැනටමත් රාජ්‍ය මූල්‍ය කමිටුවේ සභාපති සමගි ජන බලවේගයේ (පා.ම.) හර්ෂ ද සිල්වා මහතාට කතා කර විවිධ ජාතීන් සමඟ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට සහාය දෙන ලෙස ඔහුට පවසා තිබෙනවා. මම එතුමාට කිව්වා ගිවිසුම් ගැන තොරතුරු කිහිපයක් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කරනවා කියලා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට මෙම ගිවිසුම් නිසැකවම අපට උපකාර වේවි. අපි විශ්වාස කරනවා ලබන සතියේ බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළැඹිය හැකියි. මේ සියලු ගිවිසුම් ගැන අපිට සභාවේ සාකච්ඡා කරන්න පුළුවන්” යැයිද ඔහු පැවසුවා.

මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු දෙනා සූදානම් බව රැළිය සංවිධානය කළ අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙහි දී පවසා සිටියා.

“අපි ඔබට සහාය දීමට සූදානම් නිසා ඔබට තිබෙන්නේ ඔබේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම පමණයි”

“සමහරු කියනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවා කියලා. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් යථාර්ථය හොඳින් වටහාගෙන සිටිනවා”යැ‍යි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...
error: Content is protected !!