මගේ කාලයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ජනාධිපති හමුවෙන්න පුළුවන්.. ජනාධිපතිවරණය දිනන්න පුළුවන් මැජික් පෑනකුත් ලැබුණු බව සජිත් ජනතාවට කියයි

සිය ධූරකාලය තුළ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හා සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් සකස් කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඕනෑම පුද්ගලයෙකුට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ රටේ ජනාධිපති සමග සම්බන්ධ වී සංවාදයක් ඇති කරගෙන තම ගැටළුවට විසඳුම් ලබා දෙන යුගය අරඹන බව ඔහු සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ මාතලේදී පැවති සමඟි ජන බලවේග ජන හමුවකදීය.

එමෙන්ම මේ ලෝකයේ ඇති සියලුම දානපති රටවල් සමඟ හරි හරි හරියට සාකච්ඡා කර මෙරටට උපරිම ආයෝජන හා ප්‍රතිලාභ ගෙන්වා ගන්නා බවද ඔහු එහිදී පවසා තිබෙනවා.

මේ අතර සක්වළ හා හුස්ම වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කිරීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළා.

එහිදී මල්වතු මහ නාහිමියන් විසින් ලබා දුන් පෑනක් පිළිගනිමින් ඔහු කියා සිටියේ තමන් ජනාධිපතිවරණයේ නාම යෝජනා සඳහා අත්සන් තබන්නේ එම පෑනෙන් බවයි.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...