කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු බීමතින් යකා නටලා

කොළඹ සිට මහනුවර බලා ඊයේ (ජුනි 30) පෙ.ව 10.40 ට ධාවානය වූ දුම්රියේ ප්‍රධාන රියදුරු අධික ලෙස මත්පැන් පානය කර දුම්රිය අතරමග දමා පැන යන්නට උත්සහ කිරීමේ දී මගීන් පිරිසක් ඔහු ලුහුබැඳ ගොස් අල්ලා ගෙන දුම්රිය ආරක්ෂක අංශයට භාර දීමට කටයුතු කළා.

අධික ලෙස බීමතින් සිටි මෙම රියදුරා කලහකාරී ලෙස හැසිරීමෙන් අනතුරුව මහනුවර නගරයට ආසන්නයේ සුදුහුම්පොළ පෙදෙසේ ස්ථානයක දුම්රිය නවතා පැන ගොස් තිබෙනවා.

පසුව දුම්රිය මහනුවර දක්වා ධාවනය කරනු ලැබුවේ සහාය දුම්රිය රියදුරකු යොදවමිනි.

මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ද මඟීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරි වරයාට ද දැනුම් දී අදාල රියදුරාට එරෙහිව දුම්රිය ආරාක්ෂක අංශය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යන බව ඉහළ නිලධාරීයෙක් සඳහන් කළා.

මෙම සිදුවීමෙන් කොළඹ සිට මහනුවර බලා ගමන් ගනිමින් සිටි මඟීන් අතර ද නොසන්සුන්තාවක් ඇතිවූ අතර දුම්රිය නියමිත වේලාවට වඩා ප්‍රමාද වීමට ද හේතු වුණා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!