ඕස්ට්‍රේලියාව විදෙස් ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණ කරයි

ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බව ඕස්ට්‍රේලියාව අද (ජුලි01) ප්‍රකාශ කර තිබෙනවා.

මෙය වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමට රජය ගන්නා උත්සහයේ නවතම පියවර ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව ජුලි 1 වැනිදා සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 ($1,068) දක්වා ඉහළ ගොස් ඇති අතර, සංචාරක වීසා බලපත්‍රලාභීන්ට සහ තාවකාලික උපාධි වීසා සහිත සිසුන්ට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීම තහනම් කර තිබෙනවා.

“අද සිට බලාත්මක වන වෙනස්කම් අපගේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමයේ අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන අතර ඕස්ට්‍රේලියාවට ලබා දිය හැකි වඩා සාධාරණ, කුඩා සහ වඩා හොඳ සංක්‍රමණ පද්ධතියක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත” යනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ගාස්තු වැඩිවීම තුළ ඔස්ට්‍රේලියාව සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම එක්සත් ජනපදය සහ කැනඩාව වැනි තරඟකාරී රටවලට ද වඩා මිල අධික වන බවයි වාර්තා වන්නේ.

මාර්තු මාසයේදී නිකුත් කරන ලද නිල දත්ත පෙන්නුම් කළේ 2023 සැප්තැම්බර් 30 දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ 60% කින් වාර්තාගත පුද්ගලයින් 548,800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...