රයිගම් ටෙලීස් දක්ෂතම රංගන ශිල්පිණි උමාලි රටටම දුන්න පණිවිඩය

පසුගිය දිනක අවසන් වූ ‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙලේ දක්ෂතම රංගන ශිල්පිණියන් දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වුනා.

ඒ උමාලි සහ ඔල්ගා. උමාලි ඔල්ගගේ අතින් අල්ලාගෙන වේදිකාවට ගොඩ වෙලා වොල්ගට ඉස්සෙල්ලා සම්මානය ලබාගන්න ඉඩ දුන්නා. ඒ ඇයගේ ප්‍රවීනත්වය.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සම්මානය ලැබීම සම්බන්ධව කතා කරලා ඇයට අවශ්‍යවුනා තවත් වැදගත් යමක් කියන්න .
ඇය රවින්ගෙන් මයික්‍රෆෝනය ගෙන මෙහෙම කිවුවා.

” සමාවෙන්න මම තව පොඩි වෙලාවක් ගන්නවා ..පීතෘ නාට්‍යයේ අපි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන් විශේෂයෙන්ම. සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන් දැඩි නීතියක් ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔබ හොඳින් හිතලා බැලුවොතින් හුගක් දෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානිකරවන විදිහට පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් සයිබර් අවකාශයේ විශාල අපරාධ ගොන්නක් සිදුවෙමින් පවතිනවා. මේක අපිට ගන්න පුළුවන් මානසික හිංසනය යටතේත් ..

ඉන්දියාවේ වසර හතක සිර දඬුවම් නියම කරනවා මෙවැනි අපරාධකරුවන්ට. ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ .

පීතෘ නරඹපු අයට දැකගන්න පුළුවන් වෙන්න ඇති මේ වගේ මානසික දුර්වලතා ඇති පුද්ගලයන් නිසා සමාජය අඩපන වෙනවා . ඉතිං ඒ වගේ දේවල්වලට අපි හැමෝම එකාමෙන් හඬ නගන්න පුලුවන්නම් ඉතා හොඳයි කියලා මම හිතනවා .

මම ඉල්ලීමක් කරනවා, ආයාචනයක් කරනවා, විශේෂයෙන්ම අපි ආදරය කරනවානම් … ආදරය පිරෙන්නේ ආදරයෙන් විතරයි, ආදරය කරනවානම් එක හිතින් අවංකවම ආදරේ කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ මානසික නිදහසට කරදර නොකර. නමුත් අදකාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ තමන්ව අත්හැරදා ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින ක්‍රෝධ කරන උදවිය ගැන . අපි එහෙම නොවෙන සමාජයක් උදෙසා කටයුතු කරමු කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා “

උමාලි ඒ දුන් වටිනා පණිවිඩය මේ වනවිට සයිබර් අවකාශයේ බොහෝ අය විවිධ අර්ථ දනවමින් සිටී .

කෙසේවුවද උමාලි ඒ කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. කාලින ය .

(උපුටා ගැනීම – mirrorarts ෆේස්බුක් පිටුවෙන් ..)

තමන්ව අත් හැර ගිය අයට පෙරළා ක්‍රෝධ කරන්න හොඳ නෑ.. – හොඳම නිළිය උමාලි කියයි

තමන්ව අත් හැර ගිය අයට පෙරළා ක්‍රෝධ කරන්න හොඳ නෑ.. – හොඳම නිළිය උමාලි කියයි

තුන් වතාවක් කවුරු එකට ආවත්, ඒ තුන් වතාවෙම දෙවනි නළුවා මමයි – සචින් ලියනගේ

රයිගම් ටෙලීස් සම්මාන – ජනප්‍රියම නිළිය දුෂේනි, නළුවා උද්දික හා ටෙලිය පාරදිගේ (Video)

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!