පොහොට්ටු අපේක්ෂක ධම්මික පෙරේරාගේ ප්‍රචාරණ මෙහෙයුම් වේගවත් වේ.. උතුරෙත් පිට්ටනි පිරෙන්න සෙනග ඇවිත්

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කෝට්පති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය ප්‍රචාරණ මෙහෙයුම් වේගවත් කර තිබෙනවා.

ඔහු මේ ආකාරයෙන් ප්‍රචාරණ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වන අතරතුරදීය.

පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ධම්මික පෙරේරා මහතා සහ අගමැති අපේක්ෂක ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට නියමිතයි.

ඒ අනුව ධම්මික පෙරේරා උතුරු ප්‍රදේශයේද සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

යාපනය මුතුවේලි ක්‍රීඩංගණයේ දී ඩීපී එඩියුකේෂන් සහතික පත් ප්‍රධානෝත්සයක් පැවැත්වුණේ ද විශාල ජනකායගේ සහභාගීත්වයෙනි.

ඩීපී එඩියුකේෂන් ව්‍යාපෘතිය හරහා රටේ දරුවන් මිලියනකගේ අනාගතය සුරක්ෂිත කරන බවත වසර පහක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක මුදලක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරන බවත් ධම්මික පෙරේරා මහතා මෙහි දී සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...