ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවැනි දෙමළ විපක්ෂ නායකයා සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු නායක සහ හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා (91) ඊයේ (ජුනි 30) දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වෘත්තියෙන් නීතිවේදියෙකු වූ පසුව වෘත්තීය දේශපාලනඥයකු බවට පත්වූ ආර්. සම්බන්ධන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගත් දේශපාලන නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද ඉලංකෙයි තමිල් අරසු කට්චි (ITAK) සාමාජිකයකු බවට පත්වීමත් සමග ය.

ඔහුගේ දේශපාලන ජීවිතය දශක හයක් පුරා දිව යන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1977 සිට පාර්ලිමේන්තු පහක කටයුතු කර කර තිබෙනවා.

වෘත්තියෙන් නීතීඥයෙකු වන සම්බන්ධන් මහතා 2001 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයට නායකත්වය ලබාදුන් අතර 2001 වසරේ සිට 2024 වසරේ මිය යන තෙක්ම අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු මීට පෙර 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.

මේ වසරේ අප්‍රේල් මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බැවින් මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුවෙන් ඔහු වෙත ලබා දී තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ‘X’ ඔස්සේ ප්‍රවීණ දේශපාලනඥයාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ‘X’ ඔස්සේ සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...