නිදහස් කරන්නැයි හිරුණිකාගෙන් අභියාචනයක්

වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

Latest News

error: Content is protected !!