ජනාකීර්ණ වීදියක ඇවිදගෙන යන යෝධ කිඹුලෙක්

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ වීදියක විශාල කිඹුලෙකු ඇවිද යන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් සමාජ මාධ්‍යවල දැක ගත හැකි වුණා.

රත්නගිරි වෙරළාසන්න ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි ශිව නදියේ කිඹුලා වාසය කරන බවට ජනතාව සැක පළ කර තිබෙනවා.

අඩි අටක් පමණ දිග මෙම උරගයාගේ වීඩියෝව චිප්ලුන් ප්‍රදේශයේ දී ඔටෝරික්ෂෝ රියදුරෙකු විසින් ග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝවේ කිඹුලා කිසිදු චකිතයකුන් තොරව සනීපයෙන් සිටින අතර ගෙදර සිය නිවසේ ඇවිදගෙන යන ආකාරයට කලබලයකින් තොරව ඇවිදගෙන යන ආකාරය දැක්වෙනවා.

Latest News

error: Content is protected !!