ඇප නොමැතිව මූලික ප්‍රාග්ධනය දෙන බැංකු ජාලයක් අපි හදන්නම්.. ඔබ ව්‍යාපාරය පටන් ගන්න.. වැටුණොත් නැගිටින්නත් අත දෙනවා

ජාතික ජන බලවේගයේ රජයක ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණෙන් ව්‍යාපාර ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින තරුණයින්ට ඇප නොමැතිව මූලික ප්‍රාග්ධනය සපයන නව සංවර්ධන බැංකු ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව තරුණ පරම්පරාවේ බහුතරය ව්‍යවසායකයින් බවට පත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ගේ උන්මාදයක් රට තුළ නිර්මාණය කරන බව ඔහු සඳහන් කළා.

එපමණක් නොව කුඩා පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය සඳහා මුදල් ලබා දීමට අමතරව තාක්ෂණයද ලබා දීමට කටයුතු කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

“කවුරුත් බලන්නෙ රස්සාවක් හොයාගන්න. රටකට යන්න. කවුරුත් කල්පනා කරන්නෙ නෑ ව්‍යවසායකයෙක් වෙන්න. අත ගහන්න බයයි”

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

“වර්තමාන පරපුර උදේ 7.30 ට ගෙදරින් පිටත් වෙලා 4.30 ට ඕෆ් වෙන රූටින් ජොබ් එකට කැමති නෑ. ලෝකයේ මෙය ප්‍රවණතාවක් බවට පත්වෙලා තියෙනවා. ඇවිදින්න, විනෝදය, සතුට මේ ඔක්කොම ලෝකයේ තරුණ පරම්පරාව වේගයෙන් අත් විඳිමින් සිටිනවා.

එහෙනම් මොකක්ද කරන්න ඕන. අපි ප්‍රධාන සැලැස්මක් හදනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙන්න ඕන. තරුණ පරම්පරාවේ බහුතරය තව තරුණයින් එක්කෙනෙක් දෙන්නෙක් එක්ක එකතු වෙලා පොඩි ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕන. ඒකට අපි ගාව සැලැස්මක් තියෙනවා.”

සම්පූර්ණ කතාව:

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...