බීමතින් යකා නැටූ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවයි

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රිය (අංක 1019)බීමතින් මඟ අතහැර ගිය රියදුරුගේ සේවය අත්හිටුවා දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රියදුරු බීමතින් සහ කලහකාරී ලෙස හැසිරෙමින් මහනුවර නගරයට නුදුරින් සුදුහුම්පොලදී හදිසියේම දුම්රිය නවතා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා වුණා.

රියදුරු ලුහුබැඳ ගොස් අල්ලාගෙන නැවත එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශ වෙත භාර දුන් මගීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ද මේ බව දන්වා තිබුණා.

මෙම සිද්ධියෙන් කොළඹ – නුවර දුම්රියේ සිටි මගීන් දැඩි අපහසුතාවට පත්වු බවයි වාර්තා වුණේ.

Latest News

error: Content is protected !!