ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් සමගි ජන බලවේගයේ සාමාජිකයකු බව පිළිගන්නේ නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ජනාධිපති ළඟට ගොස් පක්ෂය විවේචනය කරද්දී ඔහු සජබ සාමාජික මන්ත්‍රිවරයකු යැයි කිව නොහැකි බවත් මින් ඉදිරියට ඔහු සමගි ජන බලවේගයේ සාමාජිකයකු ලෙස නොසලකන බවත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.
ෆොන්සේකා මහතා ස්වාධීනව මැතිවරණයට තරග කර ඡන්ද දෙදහස් ගණනක් පමණක් ලබාගත් නමුත් සජබ පක්ෂයෙන් පිට ගියොත් ෆීල්ඩ් මාෂල්ට සිදුවන්නේ අතීතයේදී වූ ආකාරයට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම බව ද ඔහු සඳහන් කළා.
සමගි ජන බලවේගයේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත් වූ සරත් ෆොන්සේකා මහතාට ඔහුට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි සමගි ජන බලවේගයේ ස්ථාවරය වී තිබෙන්නේ.
ඔහුගේ දේශපාලනයේ ආරම්භයේ සිටම කෘතවේදීත්වය ගැන ප්‍රශ්නයක් ඇති බව බව ද ඔහු සඳහන් කළා.
ෆොන්සේකා මන්ත්‍රිවරයා එක් පැත්තකින් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ඉවත් නොකරන ලෙස නඩු දමා අනිත් පැත්තෙන් සමගි ජන බලවේගය විවේචනය කරන බව කී මහලේකම් මද්දුම බණ්ඩාර මහතා ඔහුට ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියක් බව පවසා සිටියා.
මහින්ද රාජපක්ෂ මහතා හමුදාපති කළ පසු ඔහු සමඟ තරහා වූ බවත් සිරිසේන මහතා ෆීල්ඩ් මාෂල් කළ පසුවද රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදුන් පසුව ඔවුන් සමඟද තරහා වීමෙන් අනතුරුව දැන් කරන්නට යන දේ කුමක්දැයි සමගි ජන බලවේගයට නොතේරෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.