මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
මහජනයාගේ ධනය උපයෝගී කරගෙන පක්ෂ කණ්ඩායම්වලට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලීබාගන්න උත්සාහයක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු අනාවරණය කළා.
ඒ පසුගිය ජුනි 29 වැනි දා “පුනරුදයට රටම එකට”මැයෙන් පැවැත්වූ
ජාතික ජන බලවේගයේ කළුතර මහ රැලියට එක් වෙමිනි.
“මේ මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න රනිල් වික්‍රමසිංහ සැලසුම්කර තිබෙනවා. දකුණේ ආණ්ඩුකාරවරයා අලුත් පත්වීම් ගණනාවක් දීලා තිබෙනවා. හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ තනතුරක්. ගොඩක් සභාපතිවරු පළාත් පාලන ඡන්දේ අපේක්ෂකයන් ඡන්දෙදි ඒ අය ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ව්‍යාපෘතිවලට යොදවන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද? ඒවට මැදිහත් වෙන්නේ කොහොමද? කොන්ත්‍රාත් දෙන්නේ කාටද? තමන්ට ගානක් ගන්නේ කොහොමද? ඒකට දැන් ලක්ෂ්මන් යාපා හිටපු සභාපතිවරු පත්කර තිබෙනවා. මහජනයාගේ ධනය තමන්ගේ හෙන්චයියන් හරහා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම සඳහා රනිල් කටයුතු කරමින් තිබෙනවා.”
“විමධ්‍යගත අරමුදල්වලින් කෝටි 120ක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනෙකුට දුන්නා. රිෂාඞ් බදුර්දීන්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, අලවතුවල මේ ආදී කණ්ඩායමට දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහජනයාගේ ධනය නාස්තිකරමින් ඉන්නවා. රනිල්ට ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් නැහැ. ආසන සංවිධායකයෙක් නැහැ. ඒ හින්දා රනිල් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත්, ආණ්ඩු පක්ෂයේ නැති, තමන් තෝරාගත් මන්ත්‍රීවරුන්ටත් බාර් ලයිසන් දීලා, පෙට්ට්‍රල් ෂෙඞ්වල ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න උත්සාහ කරනවා.
සජිත් ප්‍රේමදාස මෑත කිව්වා “මෑත කාලයේ බාර් ලයිසන් දීපු සියලුම බාර්වල ලයිසන් කැන්සල් කරනවා” කියලා. මම සජිත් පේමදාසගෙස් එකක් අහනවා “ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පක්ෂයේ කිසිවෙක් බාර් ලයිසන් ගත්තේ නැහැ” කියලා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, රටේ මූල්‍ය ආයතනවලට මුදල් විනය ගැන කතා කරනවා. මුදල් විනය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහජනතාවට බදු ගහලා, දුෂ්කර තත්වයන් යටතේ මහජනයා ඒවා දරාගෙන එකතු කරගත් ධනය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න සැලසුම්කර තිබෙනවා.
මේ මොහොතේ රනිල් කරන දේ බැලුවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුමයි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.