ක්‍රීම් එක විකුණලා පියුමිට ප්‍රයිවට් ජෙට් එකකුත් ගන්න පුළුවන්ලු

මෙරට හිටපු ජනාධිපතිවරයෙක් භාවිත කරන ලද රේන්ජ් රෝවර් රථයක් සහ කොළඹ 07 ප්‍රදේශයෙන් කෝටි ගණනක් වටිනා නිවසක් මිලදී ගත් තමාගේ මීළඟ අරමුණ පුද්ගලික ජෙට් යානාවක් මිලදී ගැනීම බව නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (ජුලි 01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්තාවේ දීය.

ඇය සතු සියලු වත්කම් තම රූපලාවන්‍ය නිෂ්පාදන විකිනීමේ ව්‍යාපාර්ය හරහා උපයා ගත් ඒවා බව මෙහිදී මාධ්ය හමුවේ පැවසූ අතර ඒවා තහවුරු කිරීමට අවශ්‍ය සියලු බැංකු ප්‍රකාශන ඇතුළු ලියකියවිලි ද තමා සතු බව සඳහන් කළා.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමක් හෝ ඇගේ ලියකියවිලි පරීක්ෂා කර තිබුණේ නැහැ.

Latest News

error: Content is protected !!