කෝටි හතක පඬුරු බෙදාගන්න කතරගම දේවාලයේ කපු පරම්පරා දෙකක් ගැටුමක.. යුධ හමුදාවත් කැඳවයි

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබෙනවා.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී ඇති අතර
මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරරනු ලැබුවා.

මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් අරාපක්ෂ නමැති කපුවා ඊයේ (01 වැනිදා) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර පවසන්නේ ‘පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරිවුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හට ගන්නා’ බවයි.

‘කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත. මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’ යැයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වැඩිදුරටත් පවසා තිබෙනවා.

‘‘පවුල් තුනකට කෝටි ගණන් වටිනා රන්, රිදී, මුදල් පූජාවට්ටියේ තබා නොදී මෙම මුදල පිළිකා රෝහලට හෝ ඉගෙන ගන්නා දිළිඳු දරුවන් වෙනුවෙන් පූජාකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මෙම කපුවන්ගේ දූෂණයට එරෙහි රජයේ නිලධාරීහු සඳහන් කර තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර, ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා මෙම පරපුරවල් අතර ගැටුම් වසර ගණනක පටන් පැවතෙන්නක් බවයි සඳහන් වන්නේ.

මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබෙනවා.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!