බිහාර් තරුණියක් විවාහය ප්‍රතික්ෂේප කළ පෙම්වතාගේ රහස් අවයවය කපා දමයි

බිහාර් ප්‍රාන්තයේ කාන්තාවක් තමා සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරනු ලැබූ පිරිමියෙකුගේ රහස් අවයව කපා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය සන්තකයේ තිබී ලේ තැවරුණු පිහියක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන බව වාර්තාවල දැක්වෙනවා.

ප්‍රශ්න කිරීම්වලින් හමුවේ විත්තිකාරිය පවසා ඇත්තේ තමන් සහ වින්දිතයා පසුගිය වසර දෙකේ සිට පෙම් සබඳතාවක් පැවැත්වූ නමුත් එම පුද්ගලයා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඔහු තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව ඇය ඇය ඔහුට මෙම ප්‍රහාරය එල්ල කළ බව සඳහන් කර තිබෙනවා.

මෙම යුවළ ජූලි 1 වැනිදා චප්රාහි අධිකරණයක් තුළ විවාහය සඳහා ලියාපදිංචි වීමට සැලසුම් කර තිබූ බව වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, එම පුද්ගලයා පොරොන්දු වූ පරිදි නියමිත දිනයේ අධිකරණයට පැමිණ තිබුණේ නැති බවයි පැවසෙන්නේ.

Latest News

error: Content is protected !!