ආරංචිය සුබයි.. ජනාධිපති කාර්ය මණ්ඩලය ගිලෙන නැවෙන් පනින්න සූදානම්.. ලහි ලහියේ පිටරට වීසා අයදුම් කරයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත වශයෙන් පරාජයට පත්වන බව පෙනීයාම නිසා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු බොහෝ දෙනෙකු මේ වන විට විවිධ රටවල් ඉලක්ක කරමින් වීසා අයදුම් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු සහ පහළ තනතුරු දරන සේවකයින් ද සිටින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

එම සේවක කණ්ඩායමට ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් ද ඇතුළත්.

ඔවුන්ගේ පොදු මතය වී ඇත්තේ ජනාධිපතිවරයාට කිසිසේත්ම ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තබා ඒ අසලටවත් පැමිණීමේ හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලවලට පවා සංවේදී නොමැති නායකයකු ලෙස අභ්‍යන්තර නිලධාරීන් අතර ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳ ඇත්තේ දැඩි අප්‍රසාදයක් බව ද තතුදත් ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා තමා ටයිටැනික් නැව බේරාගෙන ගොඩට ගෙන ආ බව සඳහන් කළ නමුත් ඔහුගේ ළඟම සේවකයින් පවා මේ වන විට ගිලෙන නැවෙන් පැනීමට උත්සහ කරමින් සිටීම තුළ ඔහු මේ වන විටත් පරාජය වී ඇති බව තහවුරු වෙමින් පවතී.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...