ශිව දෙවි රුවක් පෙන්වමින් රාහුල් කළ කතාවෙන් මෝදිලා කුලප්පු වෙයි

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි පෙරේදා (01දා) එරට පාර්ලිමේන්තුවේ සිය කතාව පවත්වන අතරතුර ශිව දෙවියන්ගේ පින්තූරයක් පෙන්වමින් කළ ප‍්‍රකාශය නිසා සභාව තුළ මහත් නොසන්සුන්තාවක් ඇති වුණා.

ගාන්ධි සිය කතාවේදී, හින්දු ගැති ආඛ්‍යානය සඳහා ප්‍රසිද්ධ පාලක භාරතීය ජනතා පක්ෂයට තියුණු ප්‍රහාරයක් දියත් කළ අතර හින්දු ආගම යනු බිය, වෛරය සහ අසත්‍යය පතුරුවා හැරීම නොව අවිහිංසාව සහ ඔරොත්තු දීමේ හැකියාව බව ප්‍රකාශ කර තිබෙනවා.

තමන් හින්දු යැයි කියා ගන්නා අය දවසේ පැය 24 පුරාම ප‍්‍රචණ්ඩත්වය හා වෛරය පතුරවන බවත්, භාරතීය ජනතා පක්ෂය හින්දු නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

සත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව හින්දු ආගමේ පැහැදිලිව ලියා ඇති බවයි රාහුල් ගාන්ධි මෙහිදී සඳහන් කළේ.

අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී සිය අසුනෙන් නැඟී සිට කියා සිටියේ රාහුල් ගාන්ධි සමස්ත හින්දු ප‍්‍රජාව ප‍්‍රචණ්ඩකාරී ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවයි.

අගමැති මෝදිගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් රාහුල් ගාන්ධි, නරේන්ද්‍ර මෝදි යනු සමස්ත හින්දු ප‍්‍රජාවක් නොවන බවත් භාරතීය ජනතා පක්ෂය යනු සමස්ත හින්දු ප‍්‍රජාව නොවන බවත් සඳහන් කළා.

රාහුල් ගාන්ධි සිය කතාව ආරම්භ කළේ ව්‍යවස්ථාවේ පිටපතක් අතැතිවය.

තම කතාව අතරතුර හෙතෙම ශිව දෙවියන්ගේ පින්තූරයක් පෙන්වූ විට භාරතීය ජනතා පක්ෂ මන්ත‍්‍රීවරු කලබල කිරීමට පටන් ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ගාන්ධිගේ ක්‍රියාව, කථානායක ඕම් බිර්ලාගේ දැඩි විරෝධයට ලක් වූ අතර, ඔහු කිසියම් පුවරු හෝ සලකුණක් ප්‍රදර්ශනය කිරීම සභා රීති උල්ලංඝනය කිරීමක් ලෙස සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...