ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මේ බව සඳහන් වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වාර්තාවේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ආදිය ගැන විමසිලිමත් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙනවා.

විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කළ හැකි බව ද දුරකථන භාවිතා කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ කිරීම, ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි ද එහි සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!