වයස අවුරුදු තුනක ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ශ්‍රී ලංකාවෙන්

තවමත් පෙර පාසල් අධ්‍යපානය පවා නොලද තුන් හැවිරිදි ‘මුහම්මද් ෂම්ලාන්’ නමැති ශ්‍රී ලාංකික සිඟිත්තකු ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස වෝලන් ලෝක වාර්තා පොතට එක්වෙමින් ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත් වී සිටියි.

ඔහු වත්තල, හුණුපිටිය, වෙලේගොඩ, කාන්ති මාවතේ අංක 786/1 දරණ නිවසේ පදිංචි මොහොමඩ් සෆාන් සහ ෆාතිමා ඉෆාෂා යන දෙමව්පියන්ට දාව 2021 අප්‍රේල් මස 22 දින උපත ලබා තිබෙනවා.

තුන් හැවිරිදි පුංචි සම්ලාන් පසුගියදා ලෝක වාර්තාවට හිමිකම් ලැබුවේ විවිධාකාරයේ පින්තූරු 1098ක නම් හඳුනා ගනිමිනි.

එහිදී අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග‍්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප‍්‍රසිද්ධ කු ̈නු, ප‍්‍රසිද්ධ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්, ජාතික ක‍්‍රීඩකයන්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ‍්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හඳුනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ඒ අනුව වයස අවුරුදු 3 දී ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස මුහම්මද් ෂම්ලාන් දරුවා නම් කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...