කොළඹ ජ්‍යාත්‍යන්තර පාසලක 15 හැවිරිදි දැරියක් හා දරුවෙක් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් බිමට පැන සිය දිවි නසා ගනී

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ගැහැණු දරුවෙක් හා පිරිමි දරුවෙක් ඊයේ (ජුලි 02) සවස කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මියගිය සිසුන් දෙදෙනා අය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පොලිස් පරීක්ෂණවලට අනුව මෙම සිසුන් දෙදෙනාම ජාත්‍යන්තර පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන අතර පාසල් වේලාවෙන් පසු එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට සහභාගී වී තිබෙනවා.

මෙම සාදයට සිසුන් 100ක් පමණ පැමිණ සිටි බව වාර්තා වෙනවා.

සිසුන් දෙදෙනා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වූ අතර පොලිසියට ඔවුන්ගේ සිරුරු හමුවන්නේ 3 වැනි මහලෙනි.

සිසුන්ගේ පාවහන් 67 වන මහලේ තිබී පොලිසිය සොයා ගත්තා.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...