පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න.. රනිල්ට අපේක්ෂකත්වය දෙන්න පොහොට්ටුවෙන් කොන්දේසියක්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රිවරයා පවසා තිබෙනවා.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේක්ෂකයා වෙන්නේ නැද්ද?

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...