සම සුදු වෙන ක්‍රීම්වර්ග වලට ගොදුරු වූ වකුගඩු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක්

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ගවල පවතින රසදිය සාන්ද්‍රනය හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ටත් වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ජාතික රෝහල් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මේ බව සඳහන් කළේ අද (03) පෙරවරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය,

“ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් යනවා රසදිය පාවිච්චිය සම්පූර්ණයෙන් නැති කරන්න. ඒ කියන්නේ රසදිය ප්‍රමාණය බිංදුව වෙන්නේ ඕනේ. දැන් මේවා පාවිච්චි කරන්නේ එක තැනකට නෙමෙයිනේ මුළු ඇඟේම. මුළු සිරුරෙම විශාල රසදිය ප්‍රමාණයක් අලේප කළාම ඒක සම හරහා රුධිරයට අවශෝෂණය වෙන්නේ නැහැ කියලා කිසිම වගකීමක් නැහැ.

එතකොට එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිලිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මන්‍ය වීම. ශ්‍රී ලංකාව කියන්නේ හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝග ඉතාම බහුලව තියෙන රටක්. ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ ?”

“පැය 24ක් තුළ මම පරික්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර, සායන 40කින්. ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ. මේවා දිර්ඝ කාලීන නෙමෙයි කෙටිකාලීන… වැඩි හරියක් තියෙන්නේ Stretch marks.”

“දැන් සමහර දේවල් දකිනවා… උදාහරණයක් විදිහට අත්ල පතුල් කලු වෙනවා. ඒ හැම කේනාගෙම පොදු සාධකය සුදුවෙන ක්‍රීම් භාවිතය. ඒ වාගේම නියපොතු දුඹුරුපාට… තැඹිලි පාට වෙනවා. මේවා පසුගිය මාස කිහිපය තුළ ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්නම මේ කෙටිකාලීන් අතුරු අබාධ වැඩියි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටිකාලීන ඒවා ටික වෙනවා. පිළිකා එන්න කලින් වකුගඩු නරක් වෙලා ජීවිතය හානි වෙන්න පුළුවන්.”

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...