කොම්පඤ්ඤ වීදියේ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් පැන කොළඹ ජ්‍යාත්‍යන්තර පාසල් දෙකක පහළොස් හැවිරිදි ගැහැණු දරුවකු සහ පිරිමි දරුවෙකු ඊයේ (02) ජීවිතක්ෂයට පත් වුණා.
එම මහල් නිවාසයේ CCTV දර්ශන අනුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර එම දර්ශනවල පාසල් නිමවීමෙන් අනතුරුව ඔවුන් ත්‍රීවිල් රථයකින් අල්ටෙයාර් නිවාස සංකීර්ණය වෙත පැමිණෙන ආකරය සටහන් වී තිබෙනවා.
අනතුරුව ඔවුන් මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වී එහි පස්වන මහලේ කාය වර්ධන මධ්‍යස්ථානයට ඇතුළු වී එම ස්ථානයේ සිය පාසල් ඇඳුම් මාරු කර ව්‍යායම ඇඳුම්වලට මාරු වී තිබෙනවා.
ඉන් අනතුරුව සිය පාසල් බෑග එම ස්ථානයේ තබා ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරය CCTV දර්ශනවල දැක්වෙනවා.
අනතුරුව ඔවුන් පස්වන මහලේ සිට නැවත පහළ මාලයට පැමිනෙන ආකාරයත් පසුව සිසුවා පමණක් මහල් සංකීර්ණයෙන් පිටතට ගොස් කිසියම් දෙයක් අසල වෙළෙන්දෙකුගෙන් මිලදී ගෙන නැවත මහල් නිවාස සංකීර්ණය වෙත ඇතුළු වන ආකාරය දැකගත හැකියි.
පොලිසිය පවසන ආකාරයට සිසුවා එසේ මිලදී ගෙන ඇත්තේ දුම්වැටි පහකි.
ඉන් පසු ඔවුන් දෙදෙනා නෑවත මහල් නිවසේ 67 වැනි මහළට ගොස් එහි පිටතට යන පඩිපෙළ අසළ සිය පාවහන්, මුදල් පසුම්බි මෙන්ම දුම්වැටි පැකට්ටුවද තබා පිටතට ගොස් ඇති ආකාරය දර්ශන වල සටහන් වී තිබෙනවා.
ඔවුන් පහළට වැටී ඇත්තේ එම ස්ථානයෙන් වන අතර සිදුවීම සියදිවි හානිකර ගැනීමක් ද වෙනත් අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔවුන්ගේ පවුල් දෙක ද සමීපව ඇසුරු කරන පවුල් දෙකක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.