පියුමි පාතාලයකු සුදු කරන බවට ඉහළම තැන්වලට වාර්තා වේ

නීති විරෝධී වත්කම් ඉපයීමේ චෝදනා එල්ල වී සිටින නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ හේතුවෙන් ඇයගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් තවදුරටත් සිදුකරන බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ඇයට තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

එමෙන්ම මත්ද‍්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියා මර්දනය කිරීම කුමන තර්ජන පැමිණියත් සිදු කරන බවද පැවසූ අමාත්‍යවරයා හෙට දිනයේ සිට යුක්තිය මෙහෙයුම ජනතාවගේ ඇඟට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බවද තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!