ශිෂ්‍ය නායකයින් පත් කරද්දී හැඳි දෙකකින් බෙදූ රාජකීය විද්‍යාලයට එරෙහිව මානව හිමිකම් ගිය සිසුන්‍ට ලැබුණු තීන්දුව

2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශ ලබා දෙමින්, HRCSL අවධාරණය කරන්නේ රාජකීය විද්‍යාලයේ එක් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී. ජයවර්ධන ශිෂ්‍ය නායකයකු ලෙස පත්වීමේ 27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගෙන ඇති බවයි.

ශිෂ්‍ය නායක මණ්ඩලයට අයථා ලෙස සැලකූ බවට පැමිණිලිකාර එම්.පත්බේරිය විසින් ගොනු කරන ලද පැමිණිල්ල රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විමර්ශනය කරන ලෙස ද කොමිසම නිර්දේශ කර තිබෙනවා.

තවද, අදාළ නිර්ණායක සපුරාලන්නේ නැති ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් නිබන්ධන කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ යුතු බව ද HRCSL යෝජනා අතරට ඇතුළත්.

ශිෂ්‍ය නායකයින් දෙදෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශනයට රාජකීය විද්‍යාලය විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලය පිළිබඳව ද කොමිසම අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.

රාජකීය විද්‍යාලය අදාළ පත්වීම් ඵලදායි හා විනිවිදභාවයකින් සිදු නොකළ බවත්, එමගින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවත් HRCSL අවධාරණය කර තිබෙනවා.

එබැවින් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශිෂ්‍ය නායකයින් පත් කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙස රාජකීය විද්‍යාලයෙන් ඉල්ලා සිටියි.

2023/2024 ශිෂ්‍ය නායක පත්වීම් ක්‍රියාවලියේදී අයිතිවාසිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් ගොනු කරන ලද පැමිණිලි හතක් සලකා බලමින් කොමිසම මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...