පාසල් මිතුරා සමඟ මහල් නිවාසයෙන් බිමට පැන්න සිසුවිය සිද්ධිය සිදු වූ දිනයේ පාසලෙන් ඉවත් කරලා.. මීට පෙරත් දිවිනසා ගැනීමට උත්සහ කර ඇති බව හෙළි වේ

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් සුපිරි මහල් නිවාසයේ 67 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගත් බවට සැකකරන 15 හැවිරිදි සිසුන් දෙදෙනා අතර සිටි ශිෂ්‍යාව මීට පෙර අවස්ථාවකදී ද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යයා දිවි හානිකර ගැනීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැහැ.

මෙතෙක් කළ විමර්ශනවලදී මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යා අතර ප්‍රේමසම්බන්ධයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ද පොලිසිය පවසා තිබෙනවා.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කළ බවට සාක්ෂියක්ද මෙතෙක් ඉදිරිපත්ව නැහැ.

එහෙත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා බිමට පැන්න 67 වැනි මහලේ බැල්කනියේ තිබී ඔවුන් දෙදෙනාගේ සපත්තු යුගල, මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ ඩන්හිල් සිගරැට් පැකැට්ටුවක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙසේ සියදිවි හානිකරගත් බවට සැකකරන ශිෂ්‍යයා සහ ශිෂ්‍යයාව පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවලයි.

මොවුන් අධ්‍යාපනය ලබන කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලෙහි ඔවුන් දෙදෙනාගේම පන්තියේ ඉගෙනුම ලබන ඉමාම් නමැති පාකිස්තානු ජාතික ශිෂ්‍යයකුගේ පියාට මෙම සුපිරි මහල් නිවාසයේ නිවසක් හිමිව තිබී ඇති අතර මියගිය ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව එහි පැමිණ ඇත්තේ එම සම්බන්ධතාවය මත බව අනාවරණය වී තිබෙනවා.

ඉමාම්ගේ හිතවත්කම මත දිවි හානිකර ගත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා නිතර නිතර මෙම සුපිරි මහල් නිවාසය වෙත පැමිණ ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.

එම මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරීන්ට ඉමාම් පවසා ඇත්තේ තම මිතුරන් පැමිණියහොත් ඔවුන්ට මහල් නිවාසයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙසයි.

ඒ අනුව පෙරේදා (02දා) සවස පාසල නිමවී මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා ත්‍රීරෝද රථයකින් මහල් නිවාසය වෙත පැමිණ තිබුණා. ඔවුන් මහල් නිවාසයේ පස්වැනි මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකාගාරය වෙත ගොස් පාසල් නිල ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳගෙන විදුලි සෝපානයෙන් 67 වැනි මහල වෙත ගොස් ඇති ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබෙනවා. ඉමාම් පදිංචි නිවස තිබී ඇත්තේ 65 වැනි මහලේය.

එහිදී මොවුන් තමන් සතුව තිබූ සියලු භාණ්ඩ බැල්කනියේ තබා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසනවා.

ඔවුන්ගේ සිරුරු පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මහල් නිවාසයේ තුන්වැනි මහලේ බිම වැටී තිබියදීය.

මෙම සිද්ධිය වූ දින මරුමුවට පත්වූ ශිෂ්‍යයාව, ඇය අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් ඉවත් කර තිබූ බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.

Latest News

More like this

සජිත් රනිල් එකතු කිරීම යළිත් කරළියට

පවතින දේශපාලන වාතාවරණය හමුවේ නව ගමනක් ආරම්භ කිරීම සඳහා...

විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ

දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිපත් කරමින් ඉදි කරනු ලැබූ...

රොහින්ග්‍යා සරණාගතයින් ලක්ෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සැලසුමක් පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවයි

පසුගිය දිනක රොහින්ග්‍යාවරුන් 100කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත්...

ලොව හොඳම දුම්රිය ගමන් අතර කොළඹ සිට බදුල්ල හත්වැනි තැනට පත් වේ

ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශනය සපයන ආයතනයක් වන Lonely Planet...
error: Content is protected !!