යුක්‍රේන ජනපතිගේ බිරිඳ මිල අධික බුගාටි නවතම මාදිලිය මිල දී ගත් බවට පළවන ආන්දෝලනාත්මක වීඩියෝවක්

යුක්‍රේනයේ ජනාධිපති ආර්යාව වන ඔලීනා සෙලෙන්ස්කා ලෝකයේ මිල අධිකම මෝටර් රථයක් ලෙස සැලකෙන Bugatti-Hypercar රථයක් මිලට ගෙන ඇති බවට පළවන වීඩියෝව රුසියාවේ ව්‍යාජ ප්‍රචාරණයක් (Deepfake) බව CNN හි විශ්ලේෂණයක් මඟින් අනාවරණය කරගෙන තිබෙනවා

Deepfake තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති මෙම වීඩියෝවෙන් පැවසුණේ ඔලීනා පසුගිය මාසයේ පැරිස් සංචාරයේදී Bugatti රථය මිලදී ගත් බවයි.

CNN විශ්ලේෂණය, වීඩියෝව රුසියානු සම්බන්ධිත වැරදි තොරතුරු ජාලයක කොටසක් බවයි පවසන්නේ.

මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයට AI ඔස්සේ නිර්මාණය කළ මිනිසෙකු පැරිසියේ Bugaati අලෙවි නියෝජිත ආයතනයේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් ඔලීනා ඔවුන්ගේ සමාගමේ නවතම මාදිලිය වන Bugatti Tourbillon හි පළමු හිමිකාරිය වූ බව සඳහන් කරනවා.

එම රථය යුරෝ මිලියන 4.5 කට (ඩොලර් මිලියන 4.8 ක් පමණ) ජුනි 7 වන දින මිලදී ගත් බව deepfake වීඩියෝව වැඩිදුරටත් පවසනවා.

රුසියානු හිතවාදී බලපෑම් කරන්නන් විසින් මෙම වීඩියෝව X හි පළ කිරීමෙන් පසු, එය පැය 24ක් තුළ මිලියන 18කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

මෙම ප්‍රවෘත්ති සහ වීඩියෝ ප්‍රංශ භාෂා වෙබ් අඩවියක් වන Verite Cachee හි මුලින්ම පළ කරනු ලැබූ අතර, ඔවුන් මිලදී ගැනීම පිළිබඳ සාක්ෂියක් ලෙස බිල්පත් පවා ලබා දී තිබුණා.

එම වෙබ් අඩවියේ ඇති බොහෝ අන්තර්ගතයන් AI-උත්පාදනය කර ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

CNN විසින් කරන ලද විශ්ලේෂණයකින් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ Verite Cache මෑතකදී එනම් 2024 ජූනි 22 දින ආරම්භ කරන ලද්දක් බවයි.

Bugaati සමාගම ද අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ද මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය හෙළා දැක තිබෙනවා.

Latest News

More like this

බැක්ටීරියාත් නෙවෙයි වෛරසුත් නෙවෙයි… ඉන්දියාවේ එකම ගමක පවුල් තුනක 17ක් අද්භූත ලෙස මියගිහින්

ජම්මු සහ කාශ්මීරයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බුදාල් ගම්මානයේ අද්භූත සිදුවීමකින්...

වාහන පර්මිට් අහෝසි කරන්න තීරණයක් ගෙන නැහැ..

වාහන ආනයනයේදී තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක්...

විවාහ වීමට පොදු වයස් සීමාවක්

ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට...
error: Content is protected !!