මගෙන් නාහා පෙත්සම් ගැහුවෙ කවුද..?ජනාධිපතිවරණය නතර කරන ලෙස පෙත්සම් ගැහුව පුද්ගලයා ගැන කිසිවක් නොදන්නා බවට ජනපතිගෙන් නිවේදනයක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

කවර පාර්ශවයකින් පෙත්සම් ඉදිරිපත් කළ ද 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන චමින්ද්‍ර දයාන් ලෙනව නැමැත්තා විසින් ඊයේ (03) ඉදිරිපත් කර තිබුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...