සත්තු වත්ත බලන්න යන්න එපා, වධකාගාරය වහාම වසා දමන්න.. දෙහිවල සත්වෝද්‍යානයට එරෙහිව විරෝධයක්

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට පාත්‍ර වූ දෙහිවල සත්ව උද්‍යානයේ වෙසෙන සතුන් නොසලකා හරිමින් ඔවුන්ට ඉතා පහත් ආකාරයෙන් සලකන බවට වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එම ඡායාරූපවල දැක්වෙන සතුන් ඉතාම දුක්ඛිත ආකාරයෙන් කල් ගෙවන ආකාරය දැක්වෙන අතර එම ඡායාරූප අතර කෘෂව ගිය සිංහයකුගේ ඡායාරූපයක් ද වෙනවා.

එම සිංහයා දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සිංහයකු ද හෝ වෙනත් රටකින් වාර්තා වූ ඡායාරූපයක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

කෙසේවෙතත් මෙම හුවමාරුවන ඡායාරූප සලකා බලමින් ‘දෙහිවල වධාකාගාරය වසා දැමිය යුතුයි’ හා ‘දෙහිවල සත්ව උද්‍යානය වර්ජනය කරමු’ වැනි සටන් පාඨ රැල්ලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙමින් ඇති ආකාරය දැකගත හැකියි.

බොහෝ දෙනෙක් පවසා ඇත්තේ මේ පිළිබඳ ජ්‍යාත්‍යන්තර සතුන් පිළිබඳ කටයුතු කරන ආයතනවලට දැන්වීම හැකි ඉක්මණින් සිදු කළ යුතු බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සතුන්ගේ ඉරණම ඔවුන් රඳවා ඇති දුක්ඛිත ආකාරය පිළිබඳ විරෝධතා හා විවේචන කාලයක සිටම පවතින්නකි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...