බස් රථයක් හා ලොරියක් ගැටී බිහිසුණු අනතුරක් 25ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී අද (04) අලුයම සිමෙන්ති පටවාගත් ලොරියක් සහ මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තුවාල ලැබූ කිහිප දෙනෙකු බරපතල තත්ත්වයේ පසු වෙයි.

දේවාල හන්දියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයට වේගය පාලනය කරගත නොහැකිව එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති පටවාගත් ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

සිද්ධියෙන් බස් රථයට හා ලොරියට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...