ඇල්පිටියේ PHI ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

ඇල්පිටිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (PHI) ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඔහු ඝාතනය කිරීමට යොදාගත් බව කියන ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ගිනි අවි දෙකක් සමඟ සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ රොෂාන් කුමාර විතානගේ මහතා පසුගිය පෙබරවාරි 26 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඇල්පිටිය පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසේදීම වෙඩි තබා ඝාතනය කර තිබුණා.

සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා යන ආකාරය දැක්වෙන CCTV දර්ශන පසුව විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

ඔහු ඒ වන විට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ (PHIU) භාණ්ඩාගාරිකවරයා ද වශයෙන් කටයුතු කරමින් සිටියා.

Latest News

error: Content is protected !!