ශ්‍රී ලංකන් එයාර් ලයින් විකුණන්නෙ නෑ.. අවසන් වටයට තේරුණු සමාගම් හයටම සුදුසුකම් මදි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙනවා.

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.”යැයි වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!