පළමු හා එකම වග උත්තරකරු ගෝඨාභය නෙවෙයි.. ගෝඨා ඒ පවට කර ගැහුව විතරයි

2022 වසරේ මෙරට සිදු වූ කඩා වැටීමේ පළමු සහ එකම වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ලෙස පෙන්වා දීමට උත්සහ කළ ද එම කඩා වැටීමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එක්තරා කාල සීමාවක සිට මෙරට බිහිවීමට පටන් ගත් දූෂිත ත්‍රාඩ පැළැන්තියක් විසින් එම ව්‍යසනය නිර්මාණය කළ බව ඔහු සඳහන් කරනවා.

ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යන විට මෙම ත්‍රාඩ පැළැන්තිය රට ආපස්සට ගෙන ගිය ආකාරය ඔහු පෙන්වා දුන්නා.

ඔහු මේ බව පැහැදිලි කළේ විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත
සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසර යනු විසිවන සියවස මඟ හරිමින් පැමිණි ගමන් මගේ අනිවාර්ය ප්‍රතිඵලය බවයි.

ගෝඨාභය යනු එම ව්‍යසනය කර පින්නාගෙන ආ 2021-22 වසරවල නියෝජිතයා පමණක් බව ඔහු මෙහිදී සඳහන් කළා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...