පියුමිගේ ක්‍රීම් 25,000 ක් විකුණුන කතාව පට්ටපල් බොරුවක්. විකිණී ඇත්තේ 3500 යි. කුරියර් එක CIDයට කියයි

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ කෝටි ගණනින් මුදල් ඉපයූ බව කියන සම පැහැපත් කරවන ක්‍රීම් වර්ගයේ අලෙවි කර ඇති ප්‍රමාණය “ක‍්‍රීම් පැක්” 3500 ක් පමණක් බව එම ක්‍රීම් අලෙවි කරනු ලැබූ කුරියර් සේවාවේ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබෙනවා.

නමුත් පියුමි හංසමාලි ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35,000ක් වටිනා ක්‍රීම් වර්ග පාර්සල් 25,000ක් කුරියර් සේවය හරහා තමන් අලෙවි කළ බවයි.

එම ක්‍රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බවද ඇය පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්‍රීම් වර්ග අලෙවි කර ඇති බවයි.

ඉන් එක් ආයතනයක හිමිකරු ඇතුළු සේවකයන් සිව් දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර අනෙක් කුරියර් ආයතනයේ හිමිකරුවන්ගෙන් ද ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර පියුමි හංසමාලිට අයත් බැංකු ගිණුම් සියල්ල ද මේ වනවිට පරීක්ෂා කරගෙන යන අතර එම විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් පියුමි හංසමාලි විසින් උපයාගෙන ඇති බවට සමාජ ක‍්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...