රනිල්ට වැඩිපුර එක දිනයක්වත් ඉන්න ඉඩ තියන්නෙ නෑ.. සාගර කාරියවසම්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප‍්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා එක් දිනක් හෝ බලයේ රැඳී සිටීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබා නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පසුබිමක් නොමැති බව ප‍්‍රකාශ කළ මහ ලේකම්වරයා එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වනවාද යන්න පිළිබඳව මේ වනවිටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙනතුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ව්‍යාපාරිකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව කළ විමසීමට ප‍්‍රතිචාර දක්වමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බවයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...