දෙන්නා අතර බහින් බස් වීමකුත් වෙලා.. තාත්තට බොරුවකුත් කියලා.. අල්ටෙයාර් ඛේදවාචකය පැටලිලි ගොඩක

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී සිසුවෙක් සහ සිසුවියක් ජීවිතක්ෂයට පත් වීම තවමත් නොවිසඳුණු පසුබිමක පොලිසිය මේ සම්බන්ධයෙන් තවත් විශේෂ අනාවරණයන් කිහිපයක් සිදු කර ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියකි.

පොලිසිය ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාර දෙනු ලැබුවා.

ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණා.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සිසුවා සහ සිසුවිය අතර තිබී ඇත්තේ දැඩි මිත්‍රත්වයක් බවයි.

එමෙන්ම මේ පිළිබඳ සිදු කරන විමර්ශනයන් වෙනත්ම දිශාවකට යොමු කරමින් පොලිසිය මේ වන විට අනාවරණය කර ගත්තේ මිය ගිය සිසුවිය උස් ස්ථානවල සිට ඡායාරූප ගැනීමට දැඩි ප්‍රියතාවයක් දක්වා ඇති බවයි.

ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, එලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන් දෙදෙනාම 67 වැනි මහලින් බිමට වැටී ඇති බවට ප්‍රබල සැකයක් මතුව ඇති බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත්, අනතුර සිදුවීමට පෙර දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවද විමර්ශකයින් පෙන්වා දෙනවා.

අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තුළට යාම සඳහා මොවුන්ට අවසර ලබාදී ඇත්තේ, එහි පදිංචි ඔවුන්ගේම පන්තියේ සිටි සමීපතම මිතුරෙකු විසිනි.

එම මිතුරා හේතුවෙන් සිසුවා සහ සිසුවිය නිතර නිවාස සංකීර්ණයට පැමිණෙන නමුත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි පැමිණෙන බවට සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවයි.

සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති නමුත්, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන බවට අදාළ සිසුවියගේ පියා පැවසීමත් සමග ඇතිවූ බිය හේතුවෙන් මොවුන් දෙදෙනා මහල් නිවාසයෙන් පැන්නේද යන්න පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකථනද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සිදුවූ දිනයේ සිසුවිය පාසලෙන් ඉවත් කර තිබූ බවට පළවන වාර්තා අසත්‍ය බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...