කාන්තා හා ළමා නිවාසයේ නාන කාමරවල නිරුවත් දර්ශන නැරැඹූ භාරකරුවන්ට එරෙහිව නීතිමය පියවර

යාපනය, තෙල්ලිපලෙයි ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා හා ළමා නිවාස වහාම ක‍්‍රියාත්මක වන ලෙස වසා දැමීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය 3 දා ළමා ආරක්ෂණ අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

තෙල්ලිපලෙයි ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා නිවාසයක සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක අනිසි ලෙස සවි කරණ ලද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් මගින් එම නිවාස දෙකේම නාන කාමරවල නිරුවත් දර්ශන නැරඹූ බවට මීට පෙර පැමිණිලි කිහිපයක්ම ළමා හා පරිවාස ඒකකය වෙතද ආණ්ඩුකාරවරිය වෙතද ලැබී තිබුණා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වී ඇත්තේ පැමිණිල්ලේ කරුණු සියල්ලම සත්‍ය බවයි.

මේ වාර්තාව ආණ්ඩුකාරවරිය වෙත ලැබුණු පසුව වහාම එම ස්ථාන දෙක වසා දමා ඒවායෙහි භාරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ආණ්ඩුකාරවරිය පරිවාස හා ළමා සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා.

Latest News

error: Content is protected !!