ට්‍රිප් යනවට පවා බදු ගහන බව කියන ව්‍යාජ ලියවිල්ලක් මාළිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙසින් සංසරණය වෙනවා

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කෙටුම්පතක් ලෙස හැඳින්වෙන ව්‍යාජ ලේඛනයක් මේවන විට ෆේස්බුක් වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර පරිශීනලය සඳහා පමණයි යනුවෙන් ද සඳහන් කරනු ලැබූ මෙම ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලූ බැල්මට විධිමත් ලෙස පෙනෙන අයුරින් සකස් කරන ලද්දක්.

මෙයින් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ එක්සත් ජාතික පක්ෂය,සමගි ජන බලවේගය ඇතුළු විරුද්ධ පක්ෂ කණ්ඩායම්වල විශාල භීතිකාවක් හටගෙන ඇති ආකාරයයි.

ජාතික ජන බලවේගය මේවන විට එළිදක්වා ඇත්තේ මිනින්දෝරුවන්ගේ වැඩපිළිවෙළ, ඉංජිනේරුවන්ගේ වැඩපිළිවෙළ හා පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති පමණක් බව ඔහු සඳහන් කළා.

විනෝද බදු,අධි පරිභෝජන බදු,නිවාස බදු,සංචාරක බදු ලෙස විවිධ බදු ප්‍රතිපත්ති පිළිබඳ සඳහන් කරමින් මෙම ව්‍යාජ ලියවිලි තුළ ජාතික ජන බලවේගයේ යෝජනා විකෘති කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ තුළ විශාල සමාජ භීතිකාවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ දැනුම්වත් වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට පක්ෂයේ නිල වෙබ් අඩවි,නිල ෆේස්බුක් හා යූ ටියුබ් ගිණුම් හා පක්ෂයේ නායකයින් සමඟ සම්බන්ධ වීමේන් දැන ගැනීමේ හැකියාව පවතින අතර එතෙක් මෙවැනි ව්‍යාජ ලියකියවිලිවලට හසු නොවන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...