රනිල් සටනට බහී-දින 10කින් කොළඹ කාර්යාල 1200 ක් අරී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට නියමිත වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ඉලක්ක කර කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසනවා.

මෙම කාර්යය දින දහයක කාලයක් ඇතුළත ඉටු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම ජනාධිපතිවරණයේදී සෙසු පක්ෂ සමග එක්වී දිස්ත්‍රික්කයේ පෙරළියක් සිදු කරමින් වික්‍රමසිංහ මහතාට විජයග්‍රහණයක් ලබා ගැනීමට මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂක වශයෙන් ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට සියල්ල සූදානම් බව ද ඔහු කියා සිටියා.

ඉදිරි මාසය පුරාම දෛනිකව මැතිවරණ රැලි පැවැත්වීමට සැලසුම් කළ ඇති බවත් ජාතික ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!