බ්‍රිතාන්‍ය ආණ්ඩු බලය වසර 14 කට පසු කම්කරු පක්ෂයට

බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් වසර 14 කට පසු එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආසන 650 න් 410 ක්ම ජයග්‍රහණය කරනු ලැබුවේ කම්කරු පක්ෂයයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස කේයර් ස්ටාර්මර් පත් වීමට නියමිතයි.

හිටපු අගමැති රිෂී සුනක් නියෝජනය කළ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ලැබුවේ ආසන 132 ක් පමණි.

නව රජයක් පිහිටුවීම සඳහා රජුගේ අවසරය ලබා ගැනීම සඳහා ස්ටාර්මර් සිකුරාදා III චාල්ස් රජු වෙත යනු ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

Latest News

error: Content is protected !!