ඔක්කොටම වැඳගන්න කියා දයාසිරි මහ ලේකම් ධුරයට අත්සන් කරයි.. ශ්‍රිලනිපය අබියස තත්ත්වය නරක අතට හැරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය දරන බව පවසමින් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී එම පක්ෂයේ මහලේකම්වරයා ලෙස අද (ජුලි 05) වැඩ භාර ගැනීම සිදු කළා.

ජයසේකර මහතා මූලස්ථානයෙන් පිටත රාජකාරී ආරම්භ කළේ පොලිසිය විසින් ඔහුට ගොඩනැගිල්ලට ඇතුළු වීම වැළැක් වූ බැවිනි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ පැමිණීමත් සමඟ කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වුණා.

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ මහලේකම් ධූරයෙන් නෙරපා හැරීමට ශ්‍රීලනිප ගත් තීරණයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් තමන් තවමත් පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා බව ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...